භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Habarana M.V.

හබරණ ජාතික පාසල

කැකිරාව කලාපය

  • Register
  • Login
Habarana M.V.

හබරණ ජාතික පාසල

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ ද්විතික අංශය
      • ද්වීතීයික අංශය
      • උසස් පෙළ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසලේ ‍ඓතිහාසික විකාශය(කෙටියෙන්) 

අ/හබරණ මහා විද්‍යාලය (ජාතික පාසල) - ඉතිහාසය

 

ආරම්භය - පාසලේ ආරම්භය සම්බන්ධයෙන් නිශ්චිත වූ ලිඛිත සාක්ෂි කිසිවක් නැති බැවින් දැනට ඉතිරිව ඇති ලිපි ලේඛන ප්‍රදේශයේ වයෝවෘද වැඩිහිටියන්ගෙන් ලත් තොරතුරු ඇසුරෙන් යම් අනුමානයකට එළඹීමට සිදුව ඇත.

 

1940 දශකයේ මුල් භාගය වන විට හබරණ පාසලක් නොතිබුනු බවට හබරණ හිරිවඩුන්න ගම්මානවල අදටත් අධ්‍යාපනය ලැබීමට මොරගස්වැව පාසලට ගිය වැඩිහිටියන් සිටීමෙන් තහවුරු වේ.මොරගස්වැව පදිංචි 1927 පමණ උපත ලබා ඇති වැඩිහිටියෙකුට අනුව දෙවන ලෝක යුධ සමයේ (1939-1945) කළු ජාතික හමුදාවක් මොරගස්වැව අසල කඳවුරු බැදීම නිසා මොරගස්වැව ගම් වාසින් තම ගම් බිම් අතහැර ගොස් ඇත.එහි ප්‍රතිපලයක් වශයෙන් ඒ වන විටත් හොදින් පැවති මොරගස්වැව විදුහල වැසී ගොස් ඇත(එසේ වැසි ගිය පාසලනැවත ආරම්භ වන්නේ 1955 දීය)

 

අප විද්‍යාලයේ ඉදිරිපස අදටත් පූජනීයත්වයෙන් වැජඹෙන බෝධීන් වහන්සේ අභියස එවකට සිල් ආරාමයක් පැවති අතර නොයෙකුත් ආගමික කටයුතු සංවිධානය වූ බවට සාක්ෂි ඇත.වැඩිහිටියන්ට අනුව මෙම බෝධින් වහන්සේ අභියස පරම විඥ්ඥානාර්ථ සමාගම මගින් මෙහෙය වන ලද යම් ආකරයකින් අධ්‍යාපනයක් ලබා දෙන ස්ථානයක් තිබී ඇත.මොරගස්වැව පාසල වැසී යාම ආශිර්වාදයක් කර ගනිමින් එහි තිබු උපකරණ ලිපි ලේඛන ආදී සියල්ල මෙහි ගෙනවිත් හබරණ රජයේ පාසල නමින් ක්‍රියාත්මක වි ඇත.ඒ අනුව 1939 දී ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1941-1942 පමණ වන විට මොරගස්වැව විදුහල වැසි යන්නට අතැයි සිතිය හැකිය.මොරගස්වැව විදුහලෙන් ඇතැම් ලේඛන ගෙන එන ලද බවට සාක්ෂියක් අදටත් ඉතිරිව ඇත.ඒ දැනට අප සතුව ඇති පැරණිම සිසුන් ඇතුළත් කර ගන්නා ලේඛනයේ මොරගස්වැව රජයේ විදුහල යන්න කපා හබරණ රජයේ විදුහල යන්න තිබීමයි.

 

කෙසේ වෙතත් දැනට ඇති ප්‍රභලතම ලිඛිත සාක්ෂිය වන 1948.03.16 දිනැති ලොග් සටහනට අනුව එදිනට පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු හා සිසුන් 72 ක් සිට ඇති අතර 6 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විණි.ගැහැණු පිරිමි දෙපිරිසම සිටි අතර,අත් වැඩ ලෙස කොහු බැදීම,පෙට්ටි විවීම ආදිය සිදු කර ඇත.එවකට විදුහල්පති ලෙස කටයතු කර ඇත්තේ යු.කපුරුහාමි නැමැත්තෙකි.1944.01.01 දින සිට ළමුන් ඇතුළත් කරන ලද ඇතුළත් වීමේ ලේඛනයක් දක්නට ලැබුනත් එහි ඇති තොරතුරු ගැටළු සහගත බැවින් එය පශ්චාත්කාලීනව පිටපත් කරන ලද්දක් බව පෙනේ.කෙසේ වෙතත් 1948 වන විට ඇති ලොග් සටහන් වල ඇතැම් අවස්ථා වල අංක 72 දරණ සිසුවා ආදී ලෙස සිසුන් හැදුන්වූ අවස්ථා ඇති බැවින් ස්ථීර වශයෙන්ම 1944-1948 කාලය අතර තුර පාසල ආරම්භ කරන්නට ඇතැයි සිතිය හැකිය.මෙම නිගමනය වඩාත් තහවුරු කරමින් දැනට 98 වන වියේ පසුවන කේ.එච්.ඒ.අප්පුහාමි මහතා පවසනුයේ තමා 1944 සිට 1946 දක්වා මෙහි මුල් ගුරුතුමා ලෙස කටයුතු කළ බවත් ඒ වන විට මෙය රජයට පවරා නොගත් පාසලක් ලෙස පැවති බවත්ය.එසේම තමාගෙන් මෙම පාසල ආරම්භ වූ බවත් 1946  ජනවාරි මාසයේදි තමා මඩවල විද්‍යාලයට ස්ථින මාරුවීම් ලැබූ බවත් එතුමා පවසයි.

 

හිටපු විදුහල්පතිවරයෙකු මෙන්ම ආදී සිසුවෙකු ද වන එම.වයි.ජිනදාස මහතාට අනුව එවකට ඉංග්‍රිසි හමුදා ප්‍රධානියෙකුගේ නිළ නිවසක් බෝධිය අසළ තිබී ඇති අතර ගඩොල් මැටි බිත්තියෙන් හා තහඩු වහලයකින් යුක්ත වු මෙය පාසලේ මුල්ම ගොඩනැඟිල්ල ලෙසින් භාවිතා කර ඇත.1958.03.12දිනැති ලොග් සටහනට අනුව දිග අඩි 40ක් හා පළල අඩි 20 ක් වූ ස්ථීර ගොඩනැඟිල්ලක්,ගබඩා කාමරයක් තාවකාලික ගුරුනිවාසයක් ,ලිදක් හා වැසිකිළි දෙකක් තිබි ඇත.ඒ අනුව ජිනදාස මහතා සදහන් කරන ගොඩනැඟිල්ල මෙය විය යුතුය( 1958 වන විටත් ජිනදාස මහතා පාසලේ සිසුවෙකි.)

 

1959 දී මුල් වරට අ.පො.ස(සා.පෙළ) පන්ති ආරම්භව ඇති අතර ,1961.01.01 දින සිට මහා විද්‍යාලයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

 

1962.03.12 වන දින සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමට පෙර ඩබ්.පි.චන්ද්‍රෙස්න,එම්.වයි.ජිනදාස යන සිසුන්ගෙන් තාවකාලික උසස් පෙළ පන්ති ආරම්භ කර ඇති අතර,නිළ වශයෙන් උසස් පෙළ පන්ති ආරම්භ වන්නේ 1963.06.13 වන දිනය.

 

2012 පාසල් 1000 සංවර්ධන වැඩසටහන යටතේඅ/හබරණ මහා විද්‍යාලය අ/හබරණ ද්විතීයික විද්‍යාලය ලෙස ද ප්‍රාථමික අංශය වෙන්ව පවත්වාගෙන යාමට ද තීරණය වීය.

 

                   වර්තමානය වන විට “2020 වසරේ ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීම“ යන ව්‍යාපෘතිය යටතේ තේරී පත් වු හබරණ ද්විතියීක පාසල 2021 සිට ජාතික පාසලක් ලෙස සංවර්ධය වෙමින් රටට වැඩදායි අනාගත පුරවැසියන් බිහි කිරීමට සැරසෙමින් සිටි.

Habarana M.V.

හබරණ ජාතික පාසල

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Habarana maha vidyalaya, polonnaruwa road habarana

: (+94)662270245

: [email protected]

Supported By

© 2026 Habarana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk