පාසලේ අනන්‍යතාවය,පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
කමිසය
-
කොළරය අගට බොත්තම් නොඇල්ලිය යුතුයි.
-
සාක්කුවෙි ඉහළ දකුණු කෙළවරෙ පාසල් ලාංඡන සම්බන්ධ කර මසා තිබිය යුතුය.
-
අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 2කි.
නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

කොට කලිසම
-
ඉදිරිපස ඉණ දෙපස රැලි 2 බැගිත් දමා මැසිය යුතුය.
-
කලිසමෙි උස දණහිසේ සිට අගල් 2 ක් ඉහළින් විය යුතුය.
-
නළිසමෙි ඉණ සිරැරෙහි ඉණට සිටින සේ මැසිය යුතුය.
-
කලිසම සුදු පැහැ රෙද්දෙන් මැසිය යුතුය.
-
පිටුපසට එක් සාක්කුවක් ඇතුළට සිටින සේ මැසිය යුතුය.
-
සපත්තු හා මෙිස් කලු පැහැති විය යුතුය.
දිග කලිසම
-
ඉදිරිපස ඉණ දෙපස රැලි 2 බැගිත් දමා මැසිය යුතුය.
-
කලිසමෙි ඉණ සිරැරේ ඉණට සිටින සේ මැසිය යුතුය.
-
කලිසම සුදු පැහැති රෙද්දෙන් මැසිය.
-
පිටුපසට එක් සාක්කුවක් ඇතුළට සිටින සේ මැසිය යුතුය.
-
සපත්තු හා මෙිස් කලු පැහැති විය යුතුය.
-
ඉණ පටි පැළදීම තහනම් බැවින් කලිසමෙි ඉණ වටා ලූප්ස් නොමැති විය යුතුය.

ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
